මැයි රැලියට කලින්ම ‘රතු‘ එළියට පනී


සන්ධාන මැයි රැලියට සහභාගී වීමට දඹුල්ලේ සිට  කැම්බල්පිටියට එමින් සිටි දෙපිරිසක් අතර අත්තනගල්ලේ හොරගොල්ලේ දී අද පස්වරුවේ ඇති වු ගැටුමකින් තුවාල වු පස් දෙනකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

ඔවුන් පැමිණි බස් දිවා ආහාරයට නතර කළ අවස්ථාවේ මේ ගැටුම හටගෙන ඇත.

දඹුල්ල නගරයේ කණ්ඩායමක් හා දඹුල්ල වෑවල කණ්ඩායමක් අතර මේ ගැටුම හටගන්නට ඇත්තේ කෑම බීම පිළිබඳව ප්‍රශ්නයක් බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.