මැනුම්පති හොඳ ඉඩම් පෙන්වයි


නායයාම් සිදුවන පළාත්හි ජනතාව යළි පදිංචි කරවීමට අවශ්‍ය විකල්ප ඉඩම් හඳුන්වාදීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුවට හැකි බව මැනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පැවසීය.

ඒ සඳහා ප්‍රාදේශිය ලේකම්වරුන් ඉල්ලීම් කළ යුතු බවත් උදයකාන්ත මහතා සඳහන් කළේය.

එසේ ඉල්ලීම් ඉදිරිපත් කළ පසු ඉඩම් හඳුන්වාදී ඒවායේ මැනුම් කටයුතු කඩිනමින් සිදුකර ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබේ.