මැදිරිගිරිය යුඳඟනාව ප්‍රදේශයේ ගසක බෙණයක තිබී ගුවන් යානා නාශක උණ්ඩයක් සමගින් ගිනි අවි ජීව උණ්ඩ 74 ක් සහ අත් බෝම්බයක් සොයා ගෙන තිබේ. ඊයේ රාත්‍රී 8.00 ට පමණ මැදිරිගිරිය පොලිසිය විසින් මෙම ජීව උණ්ඩ සොයාගනු ලැබ ඇත.
ගුවන් යානා නාශක උණ්ඩයට අමතරව ටී-56 ජීව උණ්ඩ 66 ක්, එම්. පී. එම්. ජී. වර්ගයේ ජීව උණ්ඩ 5 ක්, 84-එස් වර්ගයේ ජීව උණ්ඩ 3ක් සහ අත්බෝම්බ විදිනයක් ගස් බෙණයේ සඟවා තිබී ඇත. මැදිරිගිරිය පොලිසිය විසින් මෙම වැටලීම කරන ලදි.

