ගලහිටියාව හා තෝලංගමුව මධ්‍ය විද්‍යාල අතර දෙවැනි වරට පවත්වන ‘මැදි මහ සටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය සඳුදා (25) කොළඹ ආර් ප්‍රේමදාස (ඛෙත්තාරාම) ක්‍රීඩාංගනයේදී පෙරවරු 9.30 ආරම්භ කිරීමට නියමිතය.
ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ උදාර සංකල්පයක් වූ නිදස් අධ්‍යාපන ක්‍රමය යටතේ බිහිවූ මේ මධ්‍ය විද්‍යාලයයන් දෙක වසර 68ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියයි.
ගලහිටියාව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමට නිපුන සම්පත් නායකත්වය දෙන අතර තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමට ගයාන් හර්ෂ කුමාර නායකත්වය දෙයි.
අසේල සම්පත් මහතා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයයේ කණ්ඩායමේ පුහුණුකරු වන අතර කේ ඒ තිළිණ ගයාන් මහතා තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමේ පුහුණුකරුය.
ගලහිටියාව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම -
නිපුණ සම්පත් (නායක), ගිහාන් ජනක සිල්වා (උපනායක), එරන්ද බුද්ධික, තුෂාර සංජීව, මලින්ද පුෂ්පකුමාර, ගිහාන් දිලංක, කුසල් අතපත්තු, පුෂ්පකුමාර මඩුගල්ල, දේවින්ද අයේෂ්, අවිශ්ක මධුමාල්, අශේන් දේවින්ද, රිෂාන් චතුරංග, හර්ෂණ රාජිත, රුමල් වින්දුල, රුක්ෂාන් හිරුක, චරිත් මිහිරංග, යොමාල් මධුෂ්ක, ඔෂාන් රංගන, අසිත්ත මල්ෂාන් සහ කුෂාන් චාමිකර.
තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම -
ගයාන් හර්ෂ කුමාර (නායක), බුද්ධික නානායක්කාර (උප නායක), ඩිලාන් ලක්සිරි, චතුරංග කුමාරසිංහ, පැතුම් සිරිවර්ධන, ලක්ෂාන් ගුණසිංහ, ලක්ෂාන් චන්ද්‍රසිරි, තිලිණ කුමාර , ඒ ආර් එම් රත්නායක, ගිහාන් තරංග ලියනගේ, සහන් මධුසංක ලියනගේ, ආර් ඒ ඒ ඩී ප්‍රසාද්, පුලස්ථි ගල්දෙනිය, කේ පී කසුන් ශ්‍රීමාල්, පී එච් ඩී කරුණාරත්න, පී එම් එම් ලක්ජිත් ජයවීර.