මැදවච්චිය අය වැය දෙවැනි වරටත් පරාදයි


මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ 2014 අය වැය අද දෙවැනි වරටත් වැඩි ඡන්ද තුනකින් පරාජය විය.

සභාපති එච් ඒ කේ සී මෙන්ඩිස් මහතා ඇතුළු සන්ධානයේ තිදෙනෙක් පක්ෂව ඡන්දය දුන්හ.

උප සභාපති නලින් පෙරේරා ඇතුළු සන්ධාන මන්ත්‍රීවරු සිව් දෙනෙක් ද, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ද අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ.

ඊළඟට ඇත්තේ ප්‍රාදේශීය සභාපති එම තනතුරින් ඉල්ලා අස්වීම හෝ තනතුරින් ඉවත් කිරීමයි.