මැදපෙරදිග ලාංකිකයෝ 35,000 ක් ලංකාවට එන්න බලා සිටිති


(විනීතා එම් ගමගේ)   

                                              

රැකියා අහිමිවූ ශ්‍රී ලාංකිකයෝ 35000 කට අධික පිරිසක් මවුබිමට පැමිණීමේ බලාපොරොත්තුවෙන් මැදපෙරදිග රටවල සිරවී සිිටින බව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශ ආරංචි මාර් ග සදහන් කරයි.


මේ පිරිස අතරින් 18000 කට ආසන්න පිරිසක් රැකියා අහිමි වූ පිරිස් බවත් අනෙක් පිරිස රැකියා කාලය අවසන්ව සිටින පිරිස් බවත් කාර් යංශ ආරංචි මාර් ග සඳහන් කරයි.

ඩුබායි, අබුඩාබි, සවුදි, ‍‍ජෝර් දානය , කටාර්, ලෙබනනය, ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල්වල මෙම පිරිස සිරවී සිටිති.

මෙම පිිරිස නැවත මවුබිමට ගෙන්වීමේ වැඩපිළිවෙලක් කාර් යංශ හා විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව සකස් කර ඇති බවත් කොවිඩ් මර්දන බළකාය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා පැවැසීය.

නිරෝධායන මධ්‍යස්ථාන පුරප්පාඩු වන අන්දම මත මෙම ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙල රදා පවතින බව කී රන්දෙනිය මහතා එතෙක් එම පිරිස් නඩත්තු කිරිීම හා රැකබලා ගැනීම කාර් යංශ සිදුකරන බවද සදහන් කළේය.

මේ අතර ගිවිසුම්ගත රැකියා කාලය අවසන්ව ආපසු ඒමට නොහැකිව සිටින පිරිස් වෙනුවෙන් එ් ඒ රටවල්වල රැකියා නියෝජිතයින් සමග එක්ව රැකියා සොයා දීමේ  වැඩපිළිවෙලක් ද කාර් යාංශ ක්‍රියාත්මක කරමින් සිටින බවත් මේ වනවිටත් යම් පිරිසකට එසේ රැකියා සොයා දී වීසා ලබාදී ඇති බවත් ඔහු සදහන් කළේය.