මැදපෙරදිග යන කතුන්ට දින 40ක පුහුණුවක්


මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්ව යන කාන්තාවන්ට ලබාදෙන  දින 21 ක් පුරා පැවැත්වුණු පුහුණුව දින 40 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අදාළ පුහුණුවේ ගුණාත්මක භාවය පිළිබඳව කරුණු සළකා බලා මෙම තීරණය ගනු ලැබූ බව එම කාර්යාංශය කියයි.

ඒ අනුව මෙම  කාලය තුළ විශේෂ ක්‍ෂේත්‍ර කිහිපයක් කෙරෙහි නිපුණතාව හා පුහුණුව  වැඩිදියුණු කිරීමට  අවධානය යොමු කර ඇත.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන්  ගෘහ සේවය සඳහා පිටත්වන කාන්තාවන් දැනුම්වත් කිරීමට නියමිත බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.