මැද පෙරදිගින් ඉතාලි යන්න බැරිවේ


ව්‍යාජ ලිය කියවිලි භාවිතා කරමින් මැද පෙරදිග  රටවල් හරහා ඉතාලියට පැන යාමට උත්සහ කළ  ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක්  එම රටවලින් පිටුවහල්  කොට ආපසු ශ්‍රී ලංකාවට එවනු ලැබ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්  විසින් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ  යාපනයේ සහ වව්නියාවේ පදිංචිකරුවෝ වෙති.

මොවුහු මෙරට සිට තම සැබෑ ගුවන් ගමන් බලපත් භාවිතා කරමින් ඩුබායි සහ ඕමාන් වෙත ගොස් එතැන් සිට ව්‍යාජ වීසා භාවිතා කරමින්  ඉතාලියට යාමට උත්සහ කිරීමේදී එරට බලධාරීන් විසින් ආපසු හරවා මෙරටට එවා තිබිණි.

රුපියල් ලක්ෂ 30 ක් මුදල් කොන්ත්‍රාත්තුවක් මත ව්‍යාජ ලියකියවිලි සකස් කර ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී තිබේ.