මැතිස‍බේ දූත පිරිසක් චීනෙට


ශ්‍රී ලංකාව හා චීනය අතර පාර්ලිමේන්තු සබදතා සවිමත් කිරිමේ අරමුණින් චීන රජයෙන් ලද විශේෂ ආරාධනයකට අනුව කථානායක කරූ ජයසුරිය මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකවරු චීනය බලා පිටත් වූහ.

මෙම සංචාරයට විපක්ෂ නායක ආර් සම්බන්ධන්,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා වෙනුවට ඇමති සුසිල් ප්‍රේමජයන්ත,ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්,ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරු ද එක්වුහ.