මැතිසබේට පොලීසිය විලසින් ආවේ පිටස්තරයින් දැයි ආණ්ඩුවට සැකයක්


(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

 පාර්ලිමේන්තු සභා ගැබට පසුගියදා පොලීසිය කැදවූ අවස්ථාවේ පාර්ලිමේන්තු පොලීසියේ සේවය නොකරන හා නිල ඇදුම් ඇදගත් පොලීසියේ නොවන අයද පැමිණි බවට සැකයක් ඇතැයි නිවාස හා සමාජ සුභසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ අංශවලින් නිල ඉල්ලීමක් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.පාර්ලිමේන්තුවේ සේවය නොකරන පොලිස් නිලධාරීන් පවා සභාවට ඇතුළුවීම වරදක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.