
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන සතියේ දී පැවැත්වීමට නියමිතය.
ආපදාවෙන් වැනසුණු දේපළ ප්‍රතිසංස්කරණය සඳහා අමතර මුදල් සපයා ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දිනක් සහ යෝජනාව අනුමත කිරීමට තවත් දිනක් වශයෙන් දින දෙකක් අවශ්‍ය බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ලබන සතියේ රැස්වී එම දින තීරණය කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ගංවතුර ආපදාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව කැඳවන්නැයි සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමටද සූදානම් වෙයි.

