මැතිසබේ මන්ත්‍රීලා විස්සකටත් ආපදාවෙන් කරදර


 (සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට  වැඩි පිරිසක් ගංවතුරින් සහ නායම්වලින්  විවිධ කරදර සහ  හිරිහැරවලට ලක්ව ඇති බව  ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ විවිධ ආපදාවන්ට ලක්ව ඇති මන්ත්‍රීවරුන් අතර අර්චුනා රාමනාදන්, පුත්තලම දිස්ත්‍රික්කයේ ගයාන් ජානක, හිරුණි විජේසිංහ  මොහොමඩි ෆයිසර්, චන්දන අබයරත්න, ඇන්ටන් ජයකොඩි සමන්ත විද්‍යාරත්න  සහ  අජිත් ගිහාන්  යන මන්ත්‍රීවරුද වෙති. විවිධ හිරිහැර කරදරයට ලක්ව ඇති මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් ආණ්ඩු පක්ෂයේ  අය බව ආරංචි මාර්ග සදහන් කළෝය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බදුල්ල  දිස්ත්‍රික් මන්ත්‍රීනි අම්බිගා සැමුවෙල්  මහත්මිය පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ  මන්ත්‍රීවරුන්ගෙන්  සමන්ත විද්‍යා රත්න මහතාගේ  නිවසට පමණක් ගංවතුරින් යම් හානියක් සිදුවූ බවයි.

කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී කාංචන වැලිපිටිය මහතා පැවසුවේ ගංවතුරෙන් කෑගල්ල නගර සභා මන්ත්‍රීවරයෙකුගේ   නිවෙස සහ  ඔහුගේ බිරිඳගේ මහගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි. මේ අතර දුරකථන සන්නිවේදන සබඳතා සහ විදුලිය  බිඳවැටීමෙන්ද  ආපදා කාල සීමාවේදී  මන්ත්‍රීවරුන්  විශාල  පිරිසක් විවිධ අපහසුතාවයන්ට ලක්ව  අැතැයි වාර්තාවේ.