පාර්ලිමේන්තුව අද පස්වරු 3.05ට දෙවැනි වරටත් කල් තැබිණි.
ඊට හේතු වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මොහාන් පීරිස් හා අගවිනිසුරු පදවිය ගැන කළ ප්‍රකාශයයි. එම ප්‍රකාශය ගැන විවාදයකට ලබන පස් වැනි දා ඉඩ දිය හැකි බව අගමැති කීවේය.
ඊට පෙර විවාදයක් අවශ්‍ය බවත්, ලබන දෙවැනි දා එය දෙන ලෙසත් දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය. ඔහුට සහාය දක්වමින් විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරු ද කතා කළහ.
කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසුවේ එවැනි විවාදයකට දින වෙන් කිරීම ස්ථාවර නියෝග අනුව සිදු විය යුතු බවයි.
පක්ෂ නායකයන් යළිත් හමු වී තීරණයක් ගැනීම සඳහා රැස්වීම මිනිත්තු 10කට කල් තැබුණේ ඉන් පසුවය.

