මැතිසබේ දූෂණ මඩින්න වෙනම අංශයක්


(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා විශේෂ අභ්‍යන්තර ඒකකයක් පිහිටවනු ලැබ ඇත.

මේ අනුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා එම ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටී.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක දිනේෂ් විතාන මහතා එම ඒකකයේ සුපිලිපන්න නිලධාරියා ලෙස පත්කර ඇත.

පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීහු අභ්‍යන්තර කටයුතු ඒකකයේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.

ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වග වීම සහතික කිරීම, ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම, විසමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග නීති බලාත්මක කිරීමට සහයවීම මෙම කමිටුවට පැවරෙන සෙසු වගකීම් වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය පසුගිය පෙබරවාරි මස 18 වැනිදා නිකුත් කළ චක්‍රලේඛයට අනුගත වෙමින් මෙම අභ්‍යන්තර කමිටුව ස්ථාපනය කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේදී සිදුව ඇතැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා රැසක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සොයා ගනු ලැබීය