පාර්ලිමේන්තුව අද උදේ 9.30ට කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත් නියමිත වැඩ කටයුතු කර ගෙන යෑමට නොහැකි විය.
මන්ත්‍රීන්ගේ කෑකෝ ගැසීම ඊට හේතුවයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසමට රැගෙන යෑමට විරෝධය පාමින් විපක්ෂ මන්ත්‍රීවරු මෙන්ම පාර්ලිමේන්තු පෙදෙසට පැමිණි භික්ෂූන් ඇතුළු පිරිස් ද කෑකෝ ගසමින් සිටියහ.

