
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ රැකියාවට ආ උපාධිධාරීන් කිහිප දෙනෙකු පැමිණි සැණින් වෙනත් රැකියා සොයාගෙන ගොස් ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තු නිලධාරී පුරප්පාඩු වෙනුවෙන් උපාධිධාරීහු පිරිසක් තරග විභාගවලින් පසුව පසුගියදා බඳවා ගනු ලැබූහ. මෙසේ වෙනත් රැකියා සොයාගෙන ගොස් ඇත්තේ ඉන් කිහිප දෙනෙකි.
පාර්ලිමේන්තුවේ සේවක පහසුකම් සහ වරප්‍රසාද අඩු බව පවසමින් ඔවුන් මෙසේ ඉවත්ව ගොස් තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු සේවකයන්ට කාලයක් තිස්සේ ලැබුණු හිලව් නිවාඩු දීමනාවද තවත් දීමනාද (LEAVEENCASHMENT)නතර කර ඇත.

