(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව කී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට තුන්වැනි එක්දින තරගයත් අහිමි වී තිබේ.
මෙම තරගය හෙට (1 වැනිදා) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පැවසූවේ හෙට තරගය සඳහා නම්කර ඇත්තේ ක්‍රීඩකයන් 12 දෙනකු පමණක් බවත් ඇන්ජලෝ මැතිව්ස් ඊට ඇතුළත්ව නැති බවත්ය.
‘‘විස්සයි-20 (බංග්ලාදේශයට එරෙහිව) පැවැත්වෙන තරග දෙකේදී වුණත් එයා සෙල්ලම් කරයිද කියලා හරියටම කියන්න බෑ. අපේ බලාපොරොත්තුව දෙවැනි විස්සයි-20 තරගයට හෝ ඇන්ජලෝව ගන්නයි‘‘ යයිද ගුරුසිංහ මහතා පැවසීය.
විස්තර සඳහාhttp://sinhala.wisdensrilanka.lk/වෙත පිවිසෙන්න

