අයි. පී. එල්. තරගාවලියේ 56 වැනි තරගය ලෙස පූනේ වොරියර්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (9 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියර්ස් පිල පරදවා ලකුණු 46 ක පහසු ජයක් ලබාගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.
පන්දු 44 කින් වාර්තාවූ කොල්කටා පිලේ නායක ගෞතම් ගම්භීර්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත්විය.
ඇන්ජලෝ මැතිව්ස් හයේ පහර 4 ක් සමගින් පන්දු 28 කදී ලකුණු 40 ක් රැස්කළ අතර ඕවර 4 ක් යවා ලකුණු 31 ක් දෙමින් කඩුලූ දවාගැනීමට අසමත්විය.
කොල්කටා නයිට්රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 152
(මන්වින්දර් බිස්ලා 12, ගෞතම් ගම්භීර් 50, ඉයන් මොර්ගන් 15, රයන් ඩොස්කේට් 31, මනෝජ් තිවාරි 15, රජත් භාතියා 13, බුවනේෂ්වර් කුමාර් 25/3, මිචෙල් මාර්ෂ් 7/2)
පූනේ වොරියර්ස් පිල ඕවර 19.3 කදී සියලූදෙනා දැවී 106
(රොබින් උක්තාපා 31, ඇන්ජලෝ මැතිව්ස් 40, ලක්ෂ්මිපති බලාජි 19/3, සුනිල් නරේන් 12/2, ඉක්බාල් අබ්දුල්ලා 26/2, ජැක් කලිස් 27/2)
(*)