ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 13 වැනි තරගය ලෙස රාජස්තාන් රෝයල්ස් පිල සහ පූනේ වොරියර්ස් පිල අතර අද (11 වැනිදා) පැවැති තරගයේදී රාජස්තාන් රෝයල්ස් පිල පරදවා කඩුලූ 7 ක ජයක් ලබාගැනීමට පූනේ වොරියර්ස් පිල සමත්විය.
රාජස්තාන් රෝයල්ස් පිල වෙනුවෙන් තම දෙවැනි තරගයට සහභාගීවූ කුසල් ජනිත් පෙරේරා මුහුණ දුන් පළමු පන්දුවේදීමේ ලකුණු නොලබා (තරයේ පළමු පන්දුව) දැවීගියේය.
පන්දු 53 කින් රැස්කළ ඒරොන් ෆින්ච්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්විය.
රාජස්තාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 145
(අජින්ක්‍යා රහනේ 30, රාහුල් ද්‍රාවිඞ් 54, බ‍්‍රඞ් හොජ් නොදැවී 22, දිශාන්ත් යග්නික් 12, ජේම්ස් ෆෝල්ක්නර් නොදැවී 19, රාහුල් ශර්මා 16/2, යුවරාජ් සිං 27/2)
පූනේ වොරියර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 148
(රොබින් උක්තාපා 32, ඒරොන් ෆින්ච් 64, රොස් ටේලර් 17, යුවරාජ් සිං නොදැවී 27, ජේම්ස් ෆෝල්ක්නර් 17/2)
(**)