මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවට වසර 19 ක් හිරේ


(උපාලි ආනන්ද)

උතුරු මැද පළාත් සභා මැතිවරණ සමයේ දී උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ දේපළවලට හානි කිරීම හා අමාත්‍යවරයාට පහරදි තුවාල කළැයි මිහින්තලේ ප‍්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද සහ නිමල් ගාමිණි ජයසූරිය යන අයට වසර 19 යි මාස හයක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමට උතුරු මැද පලාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (16) නියෝග කළේය.

රුපියල් 20,000 ක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුවන්ට නියෝග කළ අධිකරණය දඩ මුදල් නොගෙවන්නේ නම් ඔවුන් තවත් මාස හයක බරපතල වැඩ සහිත සිර දඩුවමකට යටත් කරන ලෙස නියෝග කළේය.  

විත්තිකරුවන්ට එරෙහිව තිබු තවත් චෝදනා 12 කින් ඔවුන් නිදොස් කොට නිදහස් කෙරිණ. නඩුවේ පැමිණිලිකාර ජෝන්පුල්ලේ මහතා මරාගෙන මැරෙන බෝමිබ ප‍්‍රාහාරයකට ලක්ව මිය ගියේය.