අදට (15) යෙදී තිබෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව “සර්වඡන ඡන්ද බලය පිළිබඳ අනාගත පුරවැසියන් දැනුවත් කිරීම” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 19ක හා අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් 13ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එහිදි ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීම, ඡන්දය භාවිත කිරීම ආදී මාතෘකා යටතේ ද සිසුන් දැනුම්වත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පාසල්වල ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තු සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවක් මෙම වැඩසටහන ලබන වසරේ සිට සෑම පාසලකම ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු යොදන බවත් එම කොමිසමේ අධ්‍යක්ෂ (සැලසුම්) චන්න ද සිල්වා මහතා පවසයි.