මැතිවරණ කොට්ඨාශ නීර්ණයේ වැඩ ගොඩක් අවසන්


මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයන් පිළිබඳ අභියාචනා විමර්ශනය කිරීමේ කටයුතු අවසන් කර ඇති බව ඒ සඳහා පත් කළ කමිටුව පවසයි.

ඔක්තෝබර් මාසය වන විට නැවත විමර්ශනය කරන ලද සීමා නිර්ණයන් ගැසට් කිරීමට හැකිවනු ඇතැයි කමිටු සභාපති අශෝක පීරිස් මහතා කියයි.

දැනට ගැසට් කර ඇති සීමා නිර්ණයන් පිළිබඳ අභියාචනා විමර්ශනය කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අශෝක පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.