බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක නයිජල් ඉවෙන්සි (55) අපචාර චෝදනා සම්බන්ධයෙන් සැක පිට ලැන්කැෂයර් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු පාලක කොන්සර්වටිව් පක්ෂයේ මන්ත්‍රී වරයෙකි. 2009 ජුලි සිට 2013 මාර්තු අතර කාලයේදී 20 හැවිරිදි තරුණයන් දෙදෙනකුට අපචාරයක් සිදු කිරීම ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.
ලැන්කැෂයර් පොලීසිය ඔහුගෙන් එම චෝදනා පිළිබඳව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ බව පොලීසිය කියයි.