මැතිඇමැතිවරුත් විරෝධය පාති


ජිනීවා නුවරදී ඇමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  ගෙන එන යෝජනාවට එරෙහිව රජයේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පුවරු ඔසොවාගෙන පෙළපාළි යමින් උද්ඝෝෂණයක් කළහ.  ඊට එක්වන ලෙස මැති ඇමැතිවරු විපක්ෂයට ද කීහ. ඇමැතිවරුන් වන විමල් වීරවංශ හා පාඨලි චමිපික රණවක මහත්වරු එහි දක්නට නොසිටියහ. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපකෂ මහතා එහිදී පැවැසුයේ ඕනෑම අභියෝගයකට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි. මාවිල්ආරු පෙදෙස කොටියන්ගෙන් ගිළිහෙද්දිත් මෙවැනි අභියෝග ආ බවත් ඉරාණය මෙන් ශ්‍රී ලංකාව ද අභියෝගයනට මුහුණ දෙන බවත් ඔහු කීවේය.