මැති සබේ කෑම වේලේ ගණන් උස්සයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව  රුපියල් 2000 ක් දක්වා රුපියල් 1550 කින්  ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී අද (23) තීරණය  කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර වෙල  සඳහා මෙතෙක්  අය කෙරුණේ  රුපියල් 450 කි.

එසේම පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාර වේලක් මෙතෙක් අය කෙරුණු රුපියල් සීයක ගාස්තුව  රුපියල් 600 ක් ලෙසත් රුපියල් 300ක් ලෙස පැවැති   දිවා ආහාර වේල   රුපියල් 1200ක් ලෙසත් ඉහළ දමා ඇත

මෙයට අමතරව රුපියල් 50ක් ලෙස පැවැති තේ එකක මිල  රුපියල් දෙසීයක් දක්වාත් ඉහළ දමා ඇත.

මෙම නව මිල ගණන් ලබන මස 1  වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කෙරෙන ගාස්තු ඉහළ  නොදැමීමට තීරණය කළ බව  එම කමිටු ආරංචි මාර්ග සඳහන් කළේය