මැති සබේ අය වැය සම්මතයි


රට දියුණු කිරීම සඳහා එකමුතු වී වැඩ කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති මුදල් ඇමැති ලෙස අය වැය විවාදයේ පිළිතුරු කතාව කරමින් පාර්ලිමේන්තුවේ දී අද විපක්ෂයේ සහාය පැතීය.

පැයකට ආසන්න කාලයක් කතා කළ ජනපති දෙමළ ජාතික සංධානයෙන් ද ඉල්ලා සිටියේ උතුර නැංවීමට රජය සමග එකමුතුව වැඩ කරන ලෙසයි.

අය වැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 95කින් සම්මත විය. පක්ෂව ඡන්ද 155කි. විපක්ෂව ඡන්ද 60කි.