මැති සබෙන් 'සිවුපාවුන්' පන්නයි


ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී සිවුපාවුන් මෙන් හැසිරෙන බවත් මින් ඉදිරියට එසේ හැසිරෙන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කතානායකවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සතුන් මෙන් පහත් ලෙස හැසිරුණු බව කී කතානායකවරයා එවැනි හැසිරීම් සභාවට නුසුදුසු බවද කීවේය.