(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ටිකිරා ( GKEB 2) සහ මැණිකේ (GKEB 1) නමින් නව එළ බටු වර්ග දෙකක් හඳුන්වා දී තිබේ.
වැඩි අස්වැන්නක් ලබා දෙන මෙම නව එලබටු විශේෂ දෙක පලතුරුවල ඇති ගුණාත්මකභාවයෙන් ද යුක්ත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ගිරාඳුරුකෝට්ටේ බීජ පර්යේෂණායතනය විසින් මෙම නව එළබටු වර්ග දෙක හඳුන්වා දී තිබේ.
නව නිෂ්පාදන රැසක් මේ වන විට අත් හදා බලා ඇති අතර එම නව නිෂ්පාදන පිළිබඳ පරීක්ෂණ රැසක් සාර්ථක වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
වී හා අනෙකුත් අතිරේක බෝග රැසක් සම්බන්ධව මෙම නව පරීක්ෂණ කර තිබේ.

