යක්කල අලුත්ගම බෝගමුවේ නිල්දියසෙවණේ සුවිසල් නිවසක් අසල මණික් පතලක් කපා ඇති බවට ලැබුණු තොරතුරක් මත වැටලු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම මැණික් පතල කැපීමට උපයෝග කර ගත් බව කියන කුළුගෙඩි, අලවංගු, වතුර මෝටර් ඇතුළු බොහෝ දේ අත්අඩංගුවට ගෙන ඇත. එම නිවසේ හිමිකාරිය පළාත් පාලන ආයතනයක ප්‍රධානියකුගේ ලේකම්වරියක් බවට තොරතුරු ලැබී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අමිත කුමාර ගමගේ මහතා පවසයි. මෙම කටයුත්ත සඳහා කැකිරාවේ කපුවකු ද, ආවතේකකරුවකු ද හවුල්කරගෙන ඇතැයි කියති. ඇතැම් දිනවල මෙම නිවස දෙසින් පොළොව යට පිපිපුරුම් හඬ ඇසුණු බවත් අවට නිවාස බිත්ති පුපුරා ගොස් ඇති බවත් අසල්වැසියෝ කියති.

