සමනල කඳු වැටියෙන් පටන් ගන්නා මහවැලි, කළු, කැලණි හා වලවේ යන සිව් මහා ගංඟා ද නමුනුකුල කඳුවැටියෙන් පටන් ගන්නා මැණික් ගඟ ද වැලි ජාවාරමුන්ගේ ගොදුරු බිම් බවට පත්වී පරිසරය වැනසී ගංඟා දෙපස සෝදා පාළුවී බරපතල ප්‍රශ්නයක් මතුවී ඇත.
යාල වනෝද්‍යානයේ දෙවැනි කලාපයේ මැණික් ගඟ ද අනවසර වැලි ගොඩ දමන්නන්ගේ ග්‍රහණයට නතුවී ඇත.
ඉන්දියාවේ ගංඟා නම් ගඟ තරමටම බෞද්ධ හින්දු වන්දනාකරුවන්ගේ ගෞරවාදරයට හා පරිහරණයට පාත්‍රවී ඇති ගඟක් ලෙස මැණික් ගඟ සැලකේ.


