(ජයන්ත සමරකෝන්)
ප්‍රමාද වී ඇති නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා කොළඹ මැගසින් බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් 43 දෙනෙකු අද (3) සිට ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර ඇතැයි එම බන්ධනාගාරයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සමඟම අනුරාධපුර බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් 12 දෙනෙකු ආහාර වර්ජනය කරමින් මෙම උපවාසයට එක්වුයේ මීට දින කිහිපයකට පෙරය.
ඊටද විසඳුමක් නොලැබුනහොත් තවත් එල්.ටී.ටී.ඊ සැකකරුවන් 54 ක් ඉදිරි දින කිහිපය තුළ ආහාර වර්ජනය කරමින් මෙම උපවාසයට එක්වීමට සුදානම්ව සිටින බවද රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පැවැසීය.

