පැවරුණ රාජකාරිය අපක්ෂපාතීව, කිසිවෙකුට ගැති නොවී, නිර්භීතව, ඉතා වගකීමෙන් ඉටු කිරීම යන කරුණු පදනම්කොට ගනිමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සර්වෝදය ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය.
සර්වෝදය සභාපති හා එහි නිර්මාතෘ ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ සර්වෝද භාර අරමුදල මගින් දහඅටවන වරටත් සංවිධානය කර තිබු මෙම සම්මාන ප්‍රදානෝත්සවය කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව සර්වෝදය මුලස්ථානය වන විශ්ව සමාධි ශාලාවේදී අද (31) පැවැත්විණි.
විවිධ ක්ෂේත්‍ර ඹස්සේ රටට කල මෙහෙවර අගයමින් දේවනායගම් ඊශ්වරන්,මහාචාර්‍ය චන්ද්‍රා ගුණවර්ධන,තුසිත මලලසේකර,මැණිකේ සුමනසේකර, යන මහත්ම මහත්මින්ද මෙහිදී සම්මානයට පාත්‍ර වුහ
කතානායක කරූ ජයසුරිය මහතා ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාට සමරු තිළිණයක්ද පිළිගැන්වීය.






