
(සුජිත් හේවා ජුලිගෙ)
පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ ප්‍රචාරක පුවරුව හැර අන් සියලු ප්‍රචාරක පුවරු, පෝස්ටර් හෝ සැරසිලි ප්‍රදර්ශනය නොකළ යුතු බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
එමෙන්ම අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ ප්‍රචාරක දැන්වීම් හා වෙනත් කිසිදු අයුරක ප්‍රචාරක කටයුතු නොකළ යුතු බවද මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

