මැකෝ මෛත්‍රීට කොත්මලේ පිට්ටනිය දෙයි


ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වැනි දා පැවැත්වීමට නියමිත රැළිය සඳහා කොත්මලේ නව නගරයේ පිහිටි මහජන ක්‍රීඩාංගනය ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නුවරඑළිය තේරීම්භාර නිලධාරීට ලිඛිතව දැනුම් දී ඇත.

එම රැලිය කොත්මලේ මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කළින් අවසර දී තිබූ අතර පසුව එය අවලංගු කළ බව කියමින් එජාපයේ නීති ලේකම් මැතිවරණ කොමසාරිස්ට දන්වා තිබිණි.