ඌව පළාත් සභා මැතිවරණ රාජකාරියේ දී කොතෙකුත් තර්ජන ගර්ජන පැමිණිය ද මැතිවරණ දෙපාර්තමේන්තුව යුද්ධයට ගිය අලියකු සේ නොසැළී කටයුතු කරන්නේ යැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ධම්මපදයේ සහස්ස වර්ගයෙන් ඝාතාවක් උපුටා දක්වමින් පැවැසීය.
ඌව පළාත් සභා මැතිවරණ නිරීක්ෂකයන්ට හා සහකාර මැතිවරණ කොමසාරිස්වරැන්ට අනාරක්ෂිත තත්ත්වයක් උද්ගතව ඇති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පොලිස්පතිට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඇසූ අවස්ථාවේ දේශප්‍රිය මහතා මේ බව කීය.
‘‘යො සහස්සං සහස්සෙන - සංගාමේ මානුසෙ ජිනෙ, ඒකං ච ජෙය්‍යං අත්තානං - ස වේ සංගාමජුත්තමෝ“ යන ධම්ම පද පාඨය අනුව තම දෙපාර්තමේන්තුව කටයයුතු කරන්නේ යැයි ඔහු සඳහන් කළේය.
‘කෙනකුට යුද පිටියේ දී දල ලක්ෂයක් දෙනා පරාජය කළ හැකියි. එහෙත් උත්තරීතර ජයග්‍රාහකයා වනුයේ තමන් ජයගන්නා තැනැත්තාය.‘ යනු එහි සිංහල තේරුමයි.

