මැකෝ එපා කියයි


(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට විරෝධය පළකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ පිළිබඳව පළාත් පාලන අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය.

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයකු පත්කිරීමට පළාත් පාලන අමාත්‍යංශය පසුගියදා  චක්‍රලේඛයක් නිකුත් කළේය.

මේ තීරණයෙන් පළාත් පාලන ආයතනවල කටයුතු යම් දේශපාලනීකරණයකට ලක්වීම සිදුවන  බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.