චීනයේ මැකාවෝ රාජ්‍යයේදී පැවැති ආරාධිත මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් 8 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි විය.
පී. එච්. චමල් (මීටර 800), කේ. ඒ. ඞී. සඳකාන්ති (මීටර් 800), අංජන ගුණරත්න (මීටර 400) සහ සුපුන් විරාජ් රන්දෙණිය (මීටර 110 කඩුලූ පැන දිවීම) මෙම තරගාවලියේදී රන් පදක්කම් දිනාගත්හ.
දිල්හාන් ආලෝක (මීටර 400) සහ යූ. ජී. ඞී. සඳමාලි (මීටර 400) රිදී පදක්කම් දිනාගත් අතර කේ. ඒ. ඞී. සඳකාන්ති (මීටර් 400) ලෝකඩ පදක්කමක් දිනාගත්තාය.