චීන මැකාවෝ රාජ්‍යයේදී පැවැත්වෙන මැකාවෝ ආරාධිත මලල කී‍්‍රඩා තරගාවලිය සදහා ශි‍්‍ර ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කර වීමට ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය තීරණය කර තිබේ.
තරගාවලිය මෙම 11-12 දෙදිනදී පැවැත්වන අතර සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම 9 වෙනිදා දිවයිනෙන් පිටත්ව යයි. ඒ සදහා සහභාගි වන්නේ දෙවන පෙල මලල කී‍්‍රඩා කණ්ඩායමකි.
මෙම තරග සංචාරයේදී පුහුණුකරු ලෙස සජිත් ජයලාල් මහතා කටයුතු කරයි. කළමණාකරු ලෙස එච්. ඒ. උපාලි මහතා නම් කිරීමට ගත් තීරණය මෙතෙක් ස්ථීර නැතැයිද වාර්තා වේ.
තෝරා ගත් ඉසව් කිහිපයකට පමණක් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගි කිරීමට මලල කී‍්‍රඩා සංගමය තීරණය කර තිබේ.
මැකාවෝ ආරාධිත මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම
පිරිමි - වයි. ජී. එම්. ගුණරත්න, ඩිලාන් ආලෝක (මීටර් 400), එම් රාජක්ෂාන් ( මීටර් 200), පී. එච්. අමල් ( මීටර් 1500), ඒ. ජී. ඒ. ප‍්‍රනානදු (දුර පැනීම), කේ. එච්. විරාජ් දන්දෙනිය ( මීටර් 110-කඩුලු)
කාන්තා - යූ. ජී. ඞී සදමාලි සහ කේ. ඞී. සදකාන්ති ( මීටර් 400)