මැක්වුඩ් පිරිසක් වීදි බසිති


මැක්වුඩ් සමාගමේ පාලනය යටතේ පවත්නා අගලවත්ත වැවිලි සමාගමේ සේවකයෝ පිරිසක් අද (14) එම සමාගමේ පුංචි බොරැල්ල කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණය කළහ.

සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් ගැටලු ඇතැයි ඔවුහු කියති.

අද සේවකයන් 8000ක් පමණ මැක්වුඩ් සමාගමේ සේවය කරන බවත් ඔවුන්ගේ රැකියා පිළිබඳ අවදානමක් පවතින බවත් සමාගමේ රත්නපුර වතුවල සේවකයන් 1500ක් පමණ අද දෙපැයේ උද්ඝෝෂණයට සහභාගී වූ බවත් අගලවත්ත වැවිලි සමාගම සුරැකීමේ කැඳවුම්කරු ලසන්ත කුමාර මහතා පැවසීය.

DSCN0220 DSCN0223 DSCN0241 DSCN0252