මැකලම් - ටේලර් අයි. පී. එල්. අතහැර දමති


ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියට (අයි. පී. එල්.) සහභාගි වී සිටින නවසීලන්ත ක‍්‍රිකට් පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ ජ්‍යෙෂ්ඨ පිතිකරු රෝස් ටේලර් මෙවර අයි. පී. එල්. තරගාවලියෙන් නියමිත වේලාවට පෙර ඉවත්ව එංගලන්ත සංචාරයට සහභාගි වීමට තීරණය කර තිබේ.

කොල්කටා නයිට් රයිඩර්ස් පිල නියෝජනය කරන බ්‍රෙන්ඩන් මැකලම් ආබාධය සුව වීමෙන් පසු එක තරගයකට ක‍්‍රීඩා කළේය. පූනේ වෝරියස් පිල වෙනුවෙන් රෝස් ටේලර් තරග 5 කදී ලකුණු 63 ක් පමණක් රැස් කළේය.

මැකලම් සහ ටේලර් මෙම සතියේ එංගලන්තයට පැමිණ මේ මස 9 වැනිදා ආරම්භ වන දෙවැනි පුහුණු තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති.