මාළු ටැංකි අස්සේ සිගරට් මතුවෙයි


මාලු  ටැංකි  ගෙන්වන මුවාවෙන් නිතිවිරෝධි ලෙස සිංගප්පුරුවේ  සිට  මෙරටට  ගෙන එන ලද රුපියල්  මිලියන 15.8 ක් වටිනා  විදේශීය සිගරට් 316,720 ක් රේගු බහාලුම් පරික්ෂණ අංශයේ  නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශය පෞද්ගලික සමාගමක් මගින්  සිගරට් තොගය ගෙන්වා ඇතැයි රේගුව පවසයි.

මේ පිළිබඳ එම සමාගමේ  නියෝජිතයකු සහ වාප්පු ලිපිකරු  රේගුව මගින් අත්අඩංගුවට  ගෙන ඇත.