ආසාධාරණ ලෙස පාසලෙන් ඉවත් කිරීම නිසා මාස හතක් පමණ පාසලක් අහිමිව සිටි කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයයේ සිසුවකු යළි එම පාසලටම ඇතුළත් කර ගන්නා ලෙස නිර්දේශ කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම සිසුවා සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ගන්නා ක්‍රියාමාර්ග ගැන අවධානයෙන් සිටින බව සඳහන් කරයි.
එම පාසලේ විදුහල්පතිවරයා මෙම සිසුවා සම්බන්ධයෙන් ද්වේශ සහගත ලෙස කටයුතු කර ඇතැයි නීරීක්ෂණය කරන මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර ඇත්තේ විදුහල්පතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝණය කර සිසුවා වෙනස්කමකට භාජනය කර ඇති බවයි.
මෙම වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින මෙම සිසුවාගේ මවද එම විද්‍යාලයයේ ගුරුවරියක වන අතර පියා මිය ගොස් තිබේ. දේශපාලන හේතූන් මත කලකට ඉහත ඔවුන්ගේ නිවස ගිනි තබා විනාශ කර තිබුණු බැවින් සිසුවා සහ මව ජීවත් වී ඇත්තේ පාසලේ ගුරු නිවාසයකය. සිසුවා මෙම ගැටළුවට මුහුණ දීමෙන් පසු දෙදෙනාටම ගුරු නිවාසයෙන් පිටවී යෑමට සිදුව ඇති අතර මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය දෙන අවස්ථාවේ මව සහ පුතු කෘෂිකර්ම නිල නිවාසයක පදිංචිව සිටියහ.

