මාස හතකට පසු ෆිරෙන්සි හිමියෝ රෝහලින් එති


ඉතාලියේ ෆිරෙන්සි දී සිදු වු රිය අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා  මාස හතක් රෝහල් ගතව සිටි  ෆිරෙන්සි සමාධි විහාරාධිපති  දඹදෙණියේ  නන්දසිරි  හිමියෝ  පන්සලට වැඩම කළහ.

නන්ද සිරි හිමියන්ගේ 45 වැනි ජන්ම දිනය වෙනුවෙන් ලබන පළමු වැනිදා සෙත් පිරිත්  සහ බෝධි පුජාවක් පවත්වා සාංඝික දානයක් පිරිනැමීමට ද නියමිතය.

ෆිරෙන්සි සමාධි විහාරය වාර්ෂිකව  කඨින පිංකම ඔක්තෝබර 18-19 දිනයන්හි දී පැවැත්වීමට යයි.

 

(වසන්ත ජයවර්ධන)