රිය අනතුරකින් මිය ගිය බව තීරණය කැර 2013.02 .22 වැනිදා බටපොල මානන්ගොඩදී මිහිදන් කළ පද්මා මානික්කුහන්දි රාජපක්ෂ(52) මහත්මියගේ සිරුර උසාවි නියෝගයකින් අද (26) ගොඩට ගැනිණි.
එම මරණය සැක බවට සමීප නෑයන් ගේ පැමිණිල්ලක් අනුව අසංග බෝදරගම බලපිටි මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකින් සිරරු ගොඩ ගැනුණේ මාතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී ඩී සමරවීර මහතා ඉදිරියේදීය.







