මාස තුනෙන් පාර කැඩිලා


මාස තුනක් යන්නටත් පෙර තිහගොඩ නායිම්බල කිතලගම පාර ගිලා බැස ඇතැයි තිහගොඩ ප්‍රාදේශීය සභා රැස්වීමේදී පැමිණිලි කිරීමට  නොදී තමා රැස්වීමෙන් ඉවත් කළැයි තිහගොඩ ග්‍රාම සංවර්ධන බල මණ්ඩල සභාපති අංගුන්නබදුල්ලේ ඥනදස්සී හිමියෝ කියති.

පසුගිය සඳුදා වූ මේ සිද්ධියට විරෝධය දැන්වීමට 500ක් පමණ ගැමියෝ කිලෝමීටර් පහක් පයින් ගමන් කර තිහගොඩට පැමිණ වැල්ලේතොට පඤ්ඤාදස්සී හිමියන්ගේ පිළිරුව අසලදී සත්‍යග්‍රහය පැවැත්වූහ.

තිහගොඩ ප්‍රාදේශීය සභාපති තමනට එදා බැන වැදී රැස්වීමෙන් ඉවත් කරන ලෙස පොලීසියට දැන්වූ බවත් ඒ හිමියෝ කියති.

තිහගොඩ ප්‍රාදේශීය සභාපති නිර්මාල් සමරසිංහ මහතා පැවසූයේ ඥානදස්සී හිමියන් ආරාධනයක් නැතිව ඒ රැස්වීමට පැමිණි බවයි.

පාර කැඩී නැතැයි ද ඔහු කියයි.

පාරේ කොන්ක්‍රීට් ගල් කැඩී ගිලා බැස ඇතැයි ද, පස් නිසි පරිදි පුරවා නැතැයි ද, එය මහජන මුදල් කාබාසිනියා කිරීමක්යැයි ද ඥානදස්සී හිමියෝ කියති.