මාල කඩන කල්ලියක තොරතුරු අනුව වාද්දුව පොලිසිය තුන් මාසයකට පෙර සොයාගත් රන් මාල තොගයක අයිතිකරුවන් විසිහත් දෙනකුට පානදුර උසාවියේදී අද (26) ඔවුන්ගේ මාල බාර දුන්නේය.
කඩාගෙන ඇති මුළු මාල ගණන අනූ එකකි. වටිනාකම රුපියල් ලක්ෂ අසූවකි.
බණ්ඩාරගම, වාද්දුව හා පානදුරයෙන් පැමිණි අයිතිකරුවන්හට මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැවසුවේ නඩුව අවසන්වන තුරු මාල තමන් ළඟම තබා ගන්නා ලෙසයි