මාස එකහමාරකට පසු රතුපස්වල කම්හල අරී


වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සහ ගම්වාසීන් කිහිප දෙනකු අතර අත්සන් කළ ගිවිසුමට අනුව කොන්දේසිවලට යටත්ව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන නැවත අරඹන බව නීතීඥ ජීවන්ත ජයතිලක මහතා අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතාට දැනුම් දුන්නේය.

ගිවිසුම් ප්‍රකාරව කරම්හලේ නිෂ්පාදන අරඹන බව ද නීතීඥවරයා පැවසීය.

මහේස්ත්‍රාත්වරයා පැවසුවේ කර්මාන්ත ශාලාව වැසීමට හෝ ඇරීමට තමා නියෝගයක් දී නොමැති බවයි.

කළින් ඇති කර ගත් එකඟතා මත කටයුතු කරන ලෙස   මහේස්ත්‍රාත්වරයා පැවසීය.