මාස 6ට කොළඹ අාපදා ණය දෙන්න කෝටි 20ක් ගිහින්


ජයන්ත සමරකෝන්
 
කොළඹ මහ නගර සභාව ගතවූ මාස හය තුළ අාපදා ණය වශයෙන් රුපියල් කෝටි 20ක් ගෙවා ඇතැයි වාර්තාවේ.
 
අයදුම්කරුවන් 1075ක් සඳහා එම මුදල ගෙවා ඇති බව ද සඳහන්වේ.
 
තවත් අයදුම්කරුවන් 150ක් සඳහා අමතර රුපියල් කෝටි 5ක් ලබා ගැනීමට පසුගිදා පැවැති මහ නගර සභාවට යෝජනාවක් ද ඉදිරිපත් කළ බව නාගරික භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුව පවසයි.