වැඩි පොළී ලබා ගැනීමේ අරමුණින් නාවල සක්විති ඉන්වෙස්ට්මන්ට් සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 105කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 2010 අගෝස්තු මුළදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි කුමාරි අනුරාධිනී ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා අද නියෝග කළේය.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින සිරි කුමාර රණසිංහ හෙවත් සක්විති රණසිංහගේ බිරිය වන අනුරාධිනීට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් ද, රුපියල් 25 ලක්ෂය බැගින් ශරීර ඇප තුනක් ද නියම කළ අතර විදේශ ගමන් බලපත්‍රය ද තහනමට ගැනිණි.
හැම මාසයකම අවසන් ඉරු දින රහස් පොලීසියේ පෙනී සිටීමට ද ඇයට නියම විය.
සක්විති ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.