බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේදී 08 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කළ අවසන් 15 දෙනාට ඇතුළත්ව නැති බව දැනගත් අවස්ථාවේදී දැඩි කණගාටුවක් ඇති වූ බවත් මාස 10 ක් ලබා සිටීමට නොහැකි නිසා සමුගැනීමට තීරණය කළ බවත් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරු තිලාන් සමරවීර පැවසීය.
අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (06) පස්වරුවේ කොළඹදී පැවැති මධ්‍ය හමුවේදී තිලාන් මෙසේ ද පැවසීය.
‘‘බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට මම ලොකු බලාපොරොත්තුවකින් සිටියේ, ඇත්තම කියනව නම් මම සංචිතයේ නෑ කියලා දැනගත්තම පුදුමයට පත්වුණා. පසුදින ගාල්ලෙ යන්න සූදානමින් හිටියේ’’
තිලාන් සමරවීර සහ ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නිලධාරීන් අතර අද (06) පෙරවරුවේ පැවැති සාකච්ඡුාව පිළිබඳව ද තිලාන් මෙසේ පැවසීය.
‘‘මෙම බංග්ලාදේශ සංචාරයට සහ ඉදිරි සිම්බාබ්වේ සංචාරයට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙදෙනකු පමණක් කණ්ඩායමට ඇතුළත් කරන බව ඔවුන් මට කිව්වා. මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත පාකිස්තානු සංචාරයට අවස්ථාව දෙනවා කිව්වා. මාස 10 ක් කියන්නේ ලොකු කාලයක් බලන් ඉන්න අමාරුයි’’